Kawudo Kawudo Song Lyrics - කවුදෝ කවුදෝ ගීතයේ පද පෙළ

Kawudo Kawudo Song Lyrics - කවුදෝ කවුදෝ ගීතයේ පද පෙළ
Song Title : Kawudo Kawudo (කවුදෝ කවුදෝ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක


කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා //

විසිතුරු දේදුණු පායනවා
යළි නොපෙනී යනවා //
හිනැහෙනවා ළං වෙනවා //
යළි අප වෙන්වෙනවා

කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා

මා කිසිවෙකු හා තරහ නැතේ
කිසි දින හඬා නැතේ //
බහ දීලා එක් වීලා //
සැනසුම ලැබෙනු නැතේ

කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment