Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ

Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ
Song Title : Himi Sanaramara (හිමි සනරාමර)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්. එම්. ජයවර්ධන



හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment