Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ

Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ
Song Title : Iranama Ketharam Wisakuru Wuwada (ඉරණම කෙතරම් විසකුරු වූවද)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එම්.ආර්. චූලසිංහ


හා හා හා හහ හා හා...

ඉරණම කෙතරම් විසකුරු වූවද
සෙනෙහස මහමෙරකී
ඔබ ඒ පාවුල ගං දිය පහරින්
මුල් සේදුණ ගසකී

හා හා හා හහ හා හා...

හා හා හා හහ හා හා...

පැන පැන පැන යන දිවියන් පසුපස
ඔබ මල් මිටි තැබුවා
කළ හොඳ පසුපස ලුහු බැඳ එන බව
මා මුළදිම දුටුවා

හා හා හා හහ හා හා...

අතහැර අත්වැල ඒදඬු මත පැන
ගිය මාවත වැරදියි
වරදට දඬුවම ඔබ හිත නොරිදා
හිනැහී යනු පමණී

ඉරණම කෙතරම් විසකුරු වූවද
සෙනෙහස මහමෙරකී
ඔබ ඒ පාවුල ගං දිය පහරින්
මුල් සේදුණ ගසකී

හා හා හා හහ හා හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment