Hamuduruwane Danak Bedannata Song Lyrics - හාමුදුරුවනේ දනක් බෙදන්නට ගීතයේ පද පෙළ

Hamuduruwane Danak Bedannata Song Lyrics - හාමුදුරුවනේ දනක් බෙදන්නට ගීතයේ පද පෙළ
Song Title : Hamuduruwane Danak Bedannata (හාමුදුරුවනේ දනක් බෙදන්නට)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : අමරබන්දු රූපසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයිහත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නෙ ඒ වගෙ පින්
රස්සාවක් නැති දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්

පරම්පරාවක් අපි පින් කෙරුවා මදිය කියන් නැතුවා
පරම්පරාවෙන් පරම්පරාවට ඒ පින් ඵල නැතුවා

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයිහත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං

පින් ඵල දෙක නුඔලාගේ දරුවෝ අපට කමක් නැතුවා
බුදුන් දකින්නට නිවන් දකින්නට අපි නම් පින් කෙරුවා
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නෙ ඒ වගෙ පින්
රස්සාවක් නැති දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment