Ane Punchi Kalidasa Song Lyrics - අනේ පුංචි කාලිදාස ගීතයේ පද පෙළ

Ane Punchi Kalidasa Song Lyrics - අනේ පුංචි කාලිදාස ගීතයේ පද පෙළ
Song Title : Ane Punchi Kalidasa (අනේ පුංචි කාලිදාස)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ප්‍රේමසිරි කේමදාස


ආ.. ආ..... ආඅඅආ... ආආඅආ.....

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

නදී තෙරේ වන තීරේ මල්ගොමු අතරේ
ලතා මඬුලු වියන් බැඳන් ප්‍රේම ජවනිකා
ප්‍රමෝදයේ මනෝරංග සිහින අපූරුයි

අනේ පුංචි කාලිදාස
වන දඩයම් එන කුමරුන්
වන තීරේ ගස් කපලා
හරිම ග්‍රීෂ්මයි

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

අනේ එපා පේරැස් මුදු ගඟේ වැටේවී
කිරුළු පළන් කන්‍යාවී හඬා වැටේවී
මැදුරේ ගිණි දොරටුව ළඟ හිත ඇවිලේවී

අනේ පුංචි කාලිදාස
කාලය ඉගිලිලා ගිහින්
පේරැස් මුදු ගිලින මසුන්
මැරීම තහනම්

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

මට සකුන්තලා වෙන්නට නම් බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment