Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ
Song Title : Chamara Salunawe (චාමර සැලුනාවේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද : ධර්මසිරි ගමගේ
චිත්‍රපටිය : දෙවෙනි ගමන (1984)


චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment