Hiruta Ayithi Bawa Song Lyrics - හිරුට අයිති බව ගීතයේ පද පෙළ

Hiruta Ayithi Bawa Song Lyrics - හිරුට අයිති බව ගීතයේ පද පෙළ
Song Title : Hiruta Ayithi Bawa (හිරුට අයිති බව)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : රෝහණ වීරසිංහ


හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ //

හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ

හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ ඔබ අසුවන්න එපා

හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment