Nagasalama Wayena Padata Song Lyrics - නාගසලම වැයෙන පදට ගීතයේ පද පෙළ

Nagasalama Wayena Padata Song Lyrics - නාගසලම වැයෙන පදට ගීතයේ පද පෙළ
Song Title : Nagasalama Wayena Padata (නාගසලම වැයෙන පදට)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : සුනිල් සරත් පෙරේරා
තනුව / සංගීතය : ටියුලින් ජයරත්න


නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ //

අවට සුළඟ දැවටි දැවටි
අපට සිසිල සුව ගෙනේ
කුඹුකෙ සෙවණ දෙවන අරණ
බැතිනි පුබුදු සිත් නිවේ //

නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ

එපිට දෙවොල අසල අහස
සුවඳ කපුරු දුම් නැඟේ
ඇසළ මහට නැඟුණු සඳෙක
උකුළු මුකුළු ඇස ගැසේ //

නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ

මොණර නැටුම අනුවැ නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ //

නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment