වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu)

වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) - Your Choice Way

ආදරණීය මිතුරියකගෙන් විශේෂ ඉල්ලීමක් තිබුනා වම්බටු මෝජු රෙසිපි එකක් දෙන්න කියලා . ඔන්න මං ඔයාගෙ ඉල්ලීම ඉටු කලා. ඉතිං ඔයාලගෙ අවුරුදු කෑම මේසය රසවත් කරන්නත් මේ වම්බටු මෝජුව ඔයාලට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා , මොකද අපේ උත්සව අවස්තාවකදි කෑම මේසෙට නැතුවම බැරි විශේෂ රස කෑමක් තමයි මේ මෝජුව. එහෙනම් අපි හදන හැටු  බලමු 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍆 වම්බටු  1kg ක්
  • 🍆 රතුළූනු 250g ක්
  • 🍆 අමු මිරිස් 100g ක්
  • 🍆 වියලි හාල් මැස්සන් 100g ක් (මේ ප්‍රමාණ ඔයාලට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න පුළුවන් , මං ගනිපු ප්‍රමාණ තමයි ලිව්වෙ)
  • 🍆 සුදුළූනු බික් 6ක් පමණ
  • 🍆 අඟලක අමු ඉඟුරු කැබැල්ලක්
  • 🍆 කුරුඳු පොතු කැබැල්ලක්
  • 🍆 කරපිංචා ටිකක්
  • 🍆 අබ ඇට තේ හැන්දක් පමණ
  • 🍆 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🍆 මිරිස් කුඩු තේ හැඳි 2 ක් පමණ
  • 🍆 කහකුඩු ටිකක්
  • 🍆 සීනි මේස හැඳි 2 ක්
  • 🍆 විනාකිරි කෝප්ප 1/2 ක් පමණ (පොල් විනාකිරි නම් වඩාත් හොඳයි)
  • 🍆 රස අනුව ලුනු
  • 🍆 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම වම්බටු සෝදා අඟල් 2 ක පමණ සිහින් දිග තීරු වලට කපා කහකුඩු ස්වල්පයක් අතගා ගන්න.
  2. ♨️ පසුව වම්බටු රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට පිරිසිදු කඩදාසියකට දමන්න.
  3. ♨️ එම තෙලටම රතුළූනු ටික දමා විනාඩියක් පමණ බැද ගන්න.
  4. ♨️ අමු මිරිස් වෙන් නොවන ලෙස මැදින් දෙකට පලා මෙම තෙට දමා විනාඩියක් පමණ බැද ගන්න.
  5. ♨️ කරපිංචා ටිකද පැහැය වෙනස් නොවන ලෙස යාන්තමට බැද ගන්න.
  6. ♨️ අවසානයට සෝදා පිරිසිදු කර ගත් වියලි හාල් මැස්සන් ටිකද බැද ගන්න.
  7. ♨️ ඉඟුරු සහ සුදුළූනු තලා ගන්න.
  8. ♨️ අබ ඇට ටික විනාකිරෙන් අඹරා ගන්න.
  9. ♨️ පසුව මැටි ඇතිලියක් ගෙන එයට විනාකිරි එකතු කර රත් කරන්න.
  10. ♨️ දැන් එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , කුරුඳු පොතු ,අඹරා ගත් අබ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු,කහ කුඩු සහ සීනි එකතු කර මිශ්‍ර කරන්න.
  11. ♨️ පසුව ලිපෙන් ඉවතට ගෙන විනාඩි 5ක් පමණ නිවෙන්නට තබා බැදගත් ලූනු, අමු මිරිස් , කරපිංචා ,වියලි හාල් මැස්සන් සහ වම්බටු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  12. ♨️ දින කිහිපයක් උනත් ඔයාලට මේක තියා ගන්න පුළුවන් , හදපු දවසට වඩා පස්සෙන්දා තමයි ගොඩාක් රස.
එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😋

හෙළයේ රස මිහිර
වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment