Nosithu Vilasa Oba Song Lyrics - නොසිතූ විලස ඔබ ගීතයේ පද පෙළ

Nosithu Vilasa Oba Song Lyrics - නොසිතූ විලස ඔබ ගීතයේ පද පෙළ
Song Title : Nosithu Vilasa Oba (නොසිතූ විලස ඔබ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ප්‍රියන්ත පෙරේරා
තනුව : රුවන් වල්පොල


නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

අඳුරු මාවතේ
අප හමුවී ලොවට හොරා
පෙම් හසරැලි ගලා යයි හාදු මැදින්
ඒ සුවඳ නුඹේ පෙර නොවු ලෙස තුරුලෙන්
හැර යන්නෙ කෙලෙස ඔබ මා
මේ ලොවට හොරෙන්

නෙතු පෙඟුණා හද සැලුණු ඔබම නිසා
රුව මැවුණා හඬ ඇසුණා ගුවන පුරා
යලි ඔබ හිනැහී මගෙ හදවත පිරුණා
ඔබ හැර වෙන ලොවක් මට නැති බව දැනුණා

නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment