Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ

Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ
Song Title : Ridee Nadee Sindee (රිදී නදී සිඳී)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
තනුව : නදීක ගුරුගේ
පද : පමිත ආර්. ලියනගේ


රිදී නදී සිඳී
ගහ කොළද මල් හැලී
සුසුම් කැටි ගැසී
උණු කඳුළු වැහි වහී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී
සඳ මඩල බිම වැටී
මහ පොළොව සිපගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී
මට මාව අහිමි වී
ඔබ යන්න නොනැවතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment