✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌸 පොල් වතුර ලීටරයක්
- 🌸 සීනි 175 ග්‍රෑම්
✅ සාදා ගන්නා ආකාරය :
- ✴️ භාජනයක් ගන්න. එයට සීනි දමන්න.(මැටි මුට්ටියක් නම් වඩා හොඳයි)
- ✴️ පොල් වතුර ටික පෙරා ගෙන එයට එකතු කරන්න.
- ✴️ හොඳින් උතුරවන්න.
- ✴️ වරින්වර වර හැඳි ගාන්න. ( නිතර හැඳි ගාන්න එපා, අඩුවෙන් හැඳි ගාන තරමට ලස්සනට පැණි පාට එනවා.)
- ✴️ පැණි පදම එනවිට පැණි සුවඳ දැනෙන්න ගන්නවා. පැණි වල පදම බලා ගන්න පීරිසියකට චුට්ටක් දාලා බලන්න විසිරිලා යන්නෙ නැත්නම් පදම හරි.
- ✴️ පැණි පදම එන විට ලිපේ ගින්දර අඩුවෙන් තියා ගන්න.
- ✴️ ගොඩාක් ඝන වෙනකං ඉන්න එපා නිවෙන විට ඝනකම වැඩි වෙන්න පුලුවන්.
- ✴️ නියම පදම බලා ලිපෙන් ඉවතට ගන්න , නිවුනු පසු බෝතල් වල අසුරා තබා ගන්න.
💚♥️✴️ මේ ප්‍රමාණයෙන් පොල් පැණි 250 ml ක් හදා ගන්න පුලුවන් ✴️♥️💚
💚 පැණි වලට පාට එකතු කරන්න අවශ්‍ය නැහැ , මේ තියන්නෙ හදපු පැණි එකේ නියම පාට 💚
💕💕💕 එහෙනම් ඔයාලත් හදලා බලන්න 💕💕💕
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න



0 comments:
Post a Comment