Manike Lassana Muhuna Wasagena Song Lyrics - මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන ගීතයේ පද පෙළ

Manike Lassana Muhuna Wasagena Song Lyrics - මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන ගීතයේ පද පෙළ
Song Title : Manike Lassana Muhuna Wasagena (මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන)
ගායනය : විජේසිරිවර්ධන පොළොන්නෝවිට සහ මාලිනී බුලත්සිංහල
පද හා තනුව : විජේසිරිවර්ධන පොළොන්නෝවිට


මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන //
එන හැටි නැළවිල්ලේ ආදර හිතෙන්නේ

ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම //
පාළු මකාගන්නයි සොයාගෙනම ආවේ

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

ළා හිරු නැගෙන පැයේ
කුඹුරේ වැඩ කරමි ලියේ
සැනසුම සම්පත මා ඔබ ළඟ තියේ //

මීදුම පලා පියා සල සලා
යන කුරුලන් ජෝඩුව අප වාගේ තමා

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

පීදුණු ගොයම වගේ
කෝමල ගත ලෙලෙන අගේ
සීතල සුළඟක් වී ඔබ වෙත එමී //

මීදුම පලා පියා සල සලා
යන කුරුලන් ජෝඩුව අප වාගේ තමා

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන //
එන හැටි නැළවිල්ලේ ආදර හිතෙන්නේ

ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම //
පාළු මකාගන්නයි සොයාගෙනම ආවේ

මැණිකේ ලස්සණ මුහුණ වසාගෙන
ඉන්නට බැහැ ඔබෙ සීපද ඇසුනම

ආ අඅඅ ආ.... ආඅ ආඅ ආ...
ආඅආ ආඅආ ආ ආ අඅ ආ...

ආ අඅඅ ආ.... ආඅ ආඅ ආ...
ආඅආ ආඅආ ආ ආ අඅ ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment