Kawala Wilanda Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ

Kawala Wilanda Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ
Song Title : Kawala Wilanda Jathi (කවාලා විළඳ ජාති)
ගායනය : මයිකල් පීරිස්
සංගීතය : මොහොමඩ් ගවුස්
ගී පද : සිරිසේන විමලවීර


කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා //

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයක් කොටා ඇත නළලේ //
මරණයක් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා
දුවන්නේ සිරැරු කූඩුව
මෙහි තබාලා ආව දා මරුවා

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment