Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ

Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ
Song Title : Ira Paya (ඉර පායා)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : චන්ද්‍රරත්න මාපිටිගම
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
"ඉර පායා" ටෙලි නාට්‍ය යේ ගීයකි.


අළුත් දවසකට
නව මං පෙතකට
ඉර පායා
ඉර පායා

එදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුල නිති ඇන්දූ
අඳුරු තිමිර පට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් සාදයි මන බැන්දූ

ඉර පායා
ඉර පායා
කළුවර හදකට
අව පස සඳකට
ඉර පායා
ඉර පායා
අළුත් දවසකට
නව මං පෙතකට
ඉර පායා
ඉර පායා

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment