Hadapanak Se Ewidin Song Lyrics - හඳපානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ

Hadapanak Se Ewidin Song Lyrics - හඳපානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Hadapanak Se Ewidin (හඳපානක් සේ ඇවිදින්)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : රෝහණ වීරසිංහ
* ගී රචනයේ දී "රැඳුනෙන්" ලෙස වූවත්, සමිතා එය ගයන්නේ "රැඳුනත්" කියාය.


හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට //

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ

මගෙ උරුමය රැඳුනෙන්* මා ලද ගම් පියසේ
මේ නගරේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැ'ර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ

මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment