Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ

Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළHirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ
Song Title : Hirigadu Nanwana (හිරිගඩු නංවන)
ගායනය : චන්දන ලියනාරච්චි


හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිත
කීකරු මගෙ සිත චංචල වී ඇත
ඔචිචමි කරමින් හිනැහෙන නුඹෙ නෙතු
කියාදියන් මට … කියාදියන් මට

වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිව්වට දන්නැති
අහංකාර නුඹ … අහංකාර නුඹ

හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment