Haha Hadayi Rupe Song Lyrics - හහා හැඩයි රූපේ ගීතයේ පද පෙළ

Haha Hadayi Rupe Song Lyrics - හහා හැඩයි රූපේ ගීතයේ පද පෙළ

Haha Hadayi Rupe Song Lyrics - හහා හැඩයි රූපේ ගීතයේ පද පෙළ
Song Title : Haha Hadayi Rupe (හහා හැඩයි රූපේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එම්. කේ. රොක්සාමි
1972 තිරගත වූ "එදත් සූරයා අදත් සූරයා" චිත්‍රපටියේ ගීයකි.1972 භාරතයේ තිරගත වූ Aan Milo Sajna චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගායනා කළ Yahan Wahan Sare ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝභනා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //
සඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

දැක්ක ගමන් හිත වැටුණා
වාසනාවෙ දොර ඇරුණා //
දැන් මට තේරෙයි
හා හා තේරෙයි
මේ මගේ වාරේ

රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

එදත් මම හරි සූරයි
අදත් මම හරි සූරයි //
දැන් මට තේරෙයි
හා හා තේරෙයි
ආදරේ තේරෙයි

සොයා සොයා ආවේ මම සෙවුව මැණික හමුවුණා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

මාලෙ මැණික් ගල බැඳුණා
ආලෙ වඩන ගෙල රැඳුණා //
දැන් මට තේරෙයි
හා හා තේරෙයි
මේ අපේ වාරේ

සොයා සොයා ආවේ ඒ සෙවුව මැණික හමුවුණා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

හහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝභනා //
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment