Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ

Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ
Song Title : Rosa Pethi Athurala (රෝස පෙති අතුරාලා)
ගායනය : චාමර වීරසිංහ සහ රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
පද රචනය : ශෙහාන් ගලහිටියාව


රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා

තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුබෙ දෑස වීදාලා
අපෙ කෝඩු හීනෙ සරසාලා
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුබෙ දෑස වීදාලා
අපෙ කෝඩු හීනෙ සරසාලා
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා

පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පන වාගෙ පෑහීලා
මතු ආයෙ මාගෙ සඳ වේවා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පන වාගෙ පෑහීලා
මතු ආයෙ මාගෙ සඳ වේවා
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment