Adaraniya Babo Song Lyrics - ආදරණීය බබෝ ගීතයේ පද පෙළ

Adaraniya Babo Song Lyrics - ආදරණීය බබෝ ගීතයේ පද පෙළ

Adaraniya Babo Song Lyrics - ආදරණීය බබෝ ගීතයේ පද පෙළ
Song Title : Adaraniya Babo (ආදරණීය බබෝ)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එම්.එස්. ප්‍රනාන්දු
පද : ගලගෙදර එම්.එම්.ඒ. හක්
තනුව : ගලගෙදර එම්.එම්.ඒ. හක්
සංගීතය : ටී. ඇෆ්. ලතීෆ්
1972 තිරගත වූ "සුජීවා" චිත්‍රපටියේ ගීයකි.


ආදරණීය බබෝ
ළඟටම එන්න බබෝ
දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ
දැන්වත් එන්න බබෝ
දෑතම දෙන්න බබෝ
ආදරෙ ඔබට නේද පළමුව මා දුන්නේ

හෙයා ස්ටයිල් කියල දාන්නෙ නයින්ගෙ හුඹස වාගේ
දාලා යන්නෙ ගමන අලියගෙ හොඬ හෙලවෙනවා සේ
මොකටද මේ ස්ටයිල්
ඕනෙද හෙයාර් ස්ටයිල්
ෆැෂන් කියා ඇයි සතුන්ගෙ හැඩය අපිම ගන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

ඔය මහ නළුව කියල හිතල මෙහෙම ඉන්නේ
හිපියෙක් වාගෙ වුනොත් අපගෙ රටේ මොනවද වෙන්නේ
බොරු ශෝක් දාන්නේ
කොල්ලගෙ මාන්නේ
ආදරෙ නැතිව වාගෙඇයි ඔබ දොඩවන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

දෙතොලෙහි ගාන පාට පෙනුම කියලා සිතලා
ගාලා යනව දැකලා අපගෙ ප්‍රාණෙ බාගෙට ගෙවිලා
බය හොඳ නෑනේ
කලියුග කාලේ
ගෑණු ගෑණු ගෑණුමයි දිලෙන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

ආදරණීය බබෝ
ළඟටම එන්න බබෝ
දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ
දැන්වත් එන්න බබෝ
දෑතම දෙන්න බබෝ
ආදරෙ ඔබට නේද පළමුව මා දුන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment