චොක්ලට් ෆින්ගර්ස් හදමු (Chocolate Fingers Hadamu)

චොක්ලට් ෆින්ගර්ස් හදමු (Chocolate Fingers Hadamu) - Your Choice Way

මගේ ආදරණීය චොක්ලට් 🍫 ලෝලීන් ට ඔන්න මම තවත් රසවත් චොක්ලට් රෙසිපි එකක් අරන් ආවා. හැමදාමත් මං එක්ක ඉන්න ඔයාලට ගොඩාක් ආදරෙයි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍫 පාන්පිටි කෝප්ප 1 ක්
  • 🍫 කුඩුකර ගත් සීනි කෝප්ප 1/4 ක් හෝ අයිසින් සීනි
  • 🍫 බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
  • 🍫 බිත්තර 1 ක් හෝ කිරි මේස හැඳි 3,4 ක්
  • 🍫 බටර් කෝප්ප 1/4 ක්
  • 🍫 වැනිලා තේ 1 ක්
  • 🍫 ලුණු පිංචක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 පාන්පිටි ,බේකින් පවුඩර් සහ කුඩුකර ගත් සීනි එකට හලා ගන්න.
  2. 🎈 භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🎈 බිත්තරය හෝ කිරි එකතු කරන්න.
  4. 🎈 බටර් ,ලුණු සහ වැනිලා එකතු කරන්න.
  5. 🎈 හොඳින් මිශ්‍ර කරන්න.
  6. 🎈 දැන් රොටි පදමට අනා ගන්න.
  7. 🎈 කුඩා කොටස් වලට වෙන් කර ඇඟිලි මෙන් හීනියට රෝල් වන ලෙස තුනී කර ගන්න.
  8. 🎈 අඟල් 3 පමණ කැබලි වලට කපා බේකින් පේපර් එකක් යෙදූ තැටියක අතුරා ගන්න.
  9. 🎈 160  ° C න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 15 ක් 20 ක් පමණ බේක් කර ගන්න.
  10. 🎈 හොඳින් නිවෙන්න තබන්න.
  11. 🎈 දැන් චොක්ලට් කුඩාවට කපා ඩබල් බොයිල් ක්‍රමයට උණු කර ගන්න.
  12. 🎈 නිවුනු බිස්කට් කූරු චොක්ලට් ද්‍රාවණය තුල දමා චොක්ලට් හොඳින් දවටා බේකින් පේපර් එකක් දැමූ තැටියක අතුරා විනාඩි 20 ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

 මීට පස්සෙ ඔයාලට චොක්ලට් ෆින්ගර්ස් කඩෙන් ගේන්න ඕන වෙන්නෙ නැහැ .ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍

හෙළයේ රස මිහිර
චොක්ලට් ෆින්ගර්ස් හදමු (Chocolate Fingers Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment