Ayachana Song Lyrics - ආයාචනා ගීතයේ පද පෙළ

Ayachana Song Lyrics - ආයාචනා ගීතයේ පද පෙළ
Song Title : Ayachana (ආයාචනා)
ගායනය : උමාරියා සිංහවංශ
සංගීතය : චමිත කුරේ
පද රචනය : චමිත කුරේ


මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා

දින දින හද දොරහැර මාගේ
පෙම්සිත දවනා රළු රාගේ
හඩවා
කදුලින් මා තෙත්කලා
මලකින් මත් බඹරෙකු වාගේ
සිතගින් සැලුවා ගුම් නාදේ
ඇසුනා
මුවගින් ඔබේ සදා

සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

සගවා පෑ මුදු මදහසේ
ගිනිගෙන සිතිවිලි පොද වෑහේ
ඔබ මා සිතැගින් මුලා කලා
කතරක් බදු මේ යහනාවේ
මිරිගුව දැක සැතැපුනු යාමේ
මිදුනා
දැහැනින් මුලා වෙලා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment