මුං කැවුම් හදමු (Mun Kawum Hadamu)

මුං කැවුම් හදමු (Mun Kawum Hadamu) - Your Choice Way

දන්නෙම නැතුව බක් මාසෙත් ආවා  😍  ඔයාලගෙ අතින් රසවත්ව හැදෙන කැවිලි ත් සමග අවුරුදු අසිරිය විඳ ගන්න කැමතියි නේද. ඔන්න එහෙනම් ලඟ එන අලුත් අවුරුද්දට  ගෙදරදිම කැවිලි හදමු 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 බැද කුඩුකර ගත් මුං පිටි කෝප්ප 1 ක්
  • 🍁 බැදගත් හාල්පිටි කෝප්ප 1 ක්
  • 🍁 සීනි කෝප්ප 1 1/2 ක්
  • 🍁 වතුර කෝප්ප 1 1/2 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 බැදගත් මුංපිටි සහ සහල් පිටි හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න.
  2. 🍁 බඳුනක් ගෙන එයට සීනි, ලුනු හා වතුර දමා ලිප තබා පැණි පදමට ( තරමක් ඝන වනතුරු ) උණු කර ගන්න.
  3. 🍁 උණුකර ගත් පැණි වලින් කොටසක් අයින් කර පසෙකින් තබන්න.
  4. 🍁 දැන් උණුකර ගත් පැණි වලට කරඳමුංගු කුඩු , මිශ්‍ර කරගත් මුංපිටි සහ සහල් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  5. 🍁 මිශ්‍රණය ඝන වැඩි නම් අයින් කරගත් පැණි එකතු කර අනා ගන්න.
  6. 🍁 මිශ්‍රණය ටිකක් ඝන වනතුරු මද ගින්නේ ලිප තබා හැඳි ගාන්න.තුනීකර ගන්න පුළුවන් තරමට තිබුනම ඇති.
  7. 🍁 දැන් සාදාගත් මිශ්‍රණය පිටි ඉසගත් ලෑල්ලක දමා අඟල් 1/4 ක් පමණ උසට සිටින සේ තුනීකර කපා ගන්න.

දැවටුමට :

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 හාල්පිටි කෝප්ප 2 ක්
  • 🍁 පොල්කිරි කෝප්ප 2 ක් පමණ
  • 🍁 කහකුඩු තේ හැඳි 1/4 ක් පමණ
  • 🍁 රස අනුව ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 සහල් පිටි, කහ,ලුනු කුඩු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. 🍁 දැන් එයට පොල්කිරි ටික ටික එකතු කරමින් තරමක උකු මිශ්‍රණයක් සකස් කර ගන්න.
  3. 🍁 දැන් කපාගත් මුං අලුවා කැබලි මෙම පිටි ද්‍රාවණයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.
හෙළයේ රස මිහිර
මුං කැවුම් හදමු (Mun Kawum Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment