Rengume Song Lyrics - රැඟුමේ ගීතයේ පද පෙළ

Umaria Sinhawansha (උමාරියා සිංහවංශ මහත්මිය)
Song Title : Rengume (රැඟුමේ)
ගායනය : උමාරියා සිංහවංශ
පද : මනුරංග විජේසේකර
සංගීතය : RaawProd
සංගීත සංයෝජනය : ලහිරු පෙරේරා


මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ
ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ
හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නේ
මේ ලෝකය මා හා නෑ තව ළතවෙන්නේ

විඳින්නේ
සිතන්නේ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ

විඳින්නේ
සිතන්නේ
අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ

මේ සිහිනේ
නෑ මා නින්දේ දී වින්දේ

ඒ දවසේ
ඔබ නෑ මා මුව සිපගත්තේ

ඔබ හමුවේ
මා මේ ලෝකේ දැකගත්තේ

මේ රැඟුමේ
අවසානේ නෑ අපිවත් දුටුවේ

රෑ අඳුරේ ඔබ මා අතගෙන සැනසූවේ
ඒ මොහොතේ නුඹ මා සිත ගෙන දිය කෙරුවේ
හෙට දවසේ මල් මල් යායක් යළි පිපුණේ
මේ ගීයේ අර්ථේ නෑ මා තව දන්නේ

විඳින්නේ
සිතන්නේ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ

විඳින්නේ
සිතන්නේ
අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ

මේ සිහිනේ
නෑ මා නින්දේ දී වින්දේ

ඒ දවසේ
ඔබ නෑ මා මුව සිපගත්තේ

ඔබ හමුවේ
මා මේ ලෝකේ දැකගත්තේ

මේ රැඟුමේ
අවසානේ නෑ අපිවත් දුටුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment