Upan Rata Watinawa Song Lyrics - උපන් රට වටිනවා මට ගීතයේ පද පෙළ

Upan Rata Watinawa Song Lyrics - උපන් රට වටිනවා මට ගීතයේ පද පෙළ
Song Title : Upan Rata Watinawa (උපන් රට වටිනවා මට)
ගායනය : අතුල අධිකාරි සහ පිරිස
පද : ආරියදාස අධිකාරි
තනුව : ආරියදාස අධිකාරි සමගින් අතුල අධිකාරි


හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ.... //

රන්වන් කරල් බරින් නැමිලා
සුළඟේ නැළවී
ගොයම් පැසිලා
නිල්වන් දියෙන් වැවත් පිරිලා
සුළඟේ නැළවී
නෙළුම් පිපිලා
පේන තෙක් මානෙ වෙල් යායේ
කොළ ගොඩගහලා
කමත් පිරිලා

පේන තෙක් මානෙ වෙල් යායේ
කොළ ගොඩගහලා
කමත් පිරිලා

හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ....
කෙළිදෙලෙන් ගෙවූ
අපේ ළමා කාලේ
අමතක කරන්න බෑ
ඒ අතීත කාලේ
සමුදුරෙන් එහා
හරි ලස්සණ රටක උන්නත්
උපන් ගම වටිනවා මට
මේ රටට වඩා

හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ....
රබාන අරගන්නේ
රබාන වටේට ඉඳගන්නේ
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
රබාන හඬවන්නේ //

හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ....

ගම්මානෙ වැල්ලේ මහමිදුලේ
අඹ ගස් සෙවණේ
සෙල්ලම් කෙරුවා
නුග වැල් වල එල්ලී පැද්දීලා
කරණම් ගැසුවා
වැවට පැන්නා
රංචු ගැසී එගොඩට පීනා
අඹ ගෙඩි කඩලා
බැණුම් ඇහුවා

රංචු ගැසී එගොඩට පීනා
අඹ ගෙඩි කඩලා
බැණුම් ඇහුවා

හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ....
කෙළිදෙලෙන් ගෙවූ
අපේ ළමා කාලේ
අමතක කරන්න බෑ
ඒ අතීත කාලේ
සමුදුරෙන් එහා
හරි ලස්සණ රටක උන්නත්
උපන් ගම වටිනවා මට
මේ රටට වඩා

උපන් ගම වටිනවා මට
මේ රටට වඩා

උපන් රට වටිනවා මට
මේ රටට වඩා

හේ.. ඒ.. හේ ඒ එ ඒ....
හේ.. ඒ..
හේ ඒ ඒ ඒ.... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment