Sudu Biththi Hada Keru Song Lyrics - සුදු බිත්ති හැඩ කෙරූ ගීතයේ පද පෙළ

Sudu Biththi Hada Keru Song Lyrics - සුදු බිත්ති හැඩ කෙරූ ගීතයේ පද පෙළ
Song Title : Sudu Biththi Hada Keru (සුදු බිත්ති හැඩ කෙරූ)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර


සුදු බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී
තව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී
පාසලේ ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී //

එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ
අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්
තණ පළස අරලියා සෙවන තනි උනාවේ

පාසලේ ප්‍රේමයට..

නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා
පන්හිදට පොත්වලට ජීවිතෙන් පිදුම් දී
කඳුලකින් සමුගනිමු අපට අප හිමි නොවී

පාසලේ ප්‍රේමයට...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment