Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ

Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ
Song Title : Sahasak Pathuman (සහසක් පැතුමන්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි හිත රැදුනේ
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ
මතකයි සිරි දළඳා වැන්දා
මතකයි සිරි දළඳා වැන්දා

ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ //
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා
මතකයි ඔබ පාමුල වැටුනා

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි හිත රැදුනේ
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ
මතකයි සිරි දළඳා වැන්දා
මතකයි සිරි දළඳා වැන්දා

අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා //
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්
අදට වඩා අනුකම්පාවෙන්

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි හිත රැදුනේ
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ
මතකයි සිරි දළඳා වැන්දා
මතකයි සිරි දළඳා වැන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment