Sanda Kaluwara Gala Halena Wita Song Lyrics - සැන්දෑ කළුවර ගලා හැලෙන විට ගීතයේ පද පෙළ

Sanda Kaluwara Gala Halena Wita Song Lyrics - සැන්දෑ කළුවර ගලා හැලෙන විට ගීතයේ පද පෙළ
Song Title : Sanda Kaluwara Gala Halena Wita (සැන්දෑ කළුවර ගලා හැලෙන විට)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : සුනිල් සරත් පෙරේරා


සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
සැන්දෑ කළුවර ගලා

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment