Nirwana Swarna Dwarayen Song Lyrics - නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් ගීතයේ පද පෙළ

Nirwana Swarna Dwarayen Song Lyrics - නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් ගීතයේ පද පෙළ
Song Title : Nirwana Swarna Dwarayen (නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : අජන්තා රණසිංහ


නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //

ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්

දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment