Pemathura Hangum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ

Pemathura Hangum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Pemathura Hangum (පෙමාතුර හැඟුම්)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි


පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්

නියාළුව හදින් - පියා නෙතුපියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment