රුලං වැලිතලප හදමු (Rulan Walithalapa)

රුලං වැලිතලප හදමු (Rulan Walithalapa) - Your Choice Way

ඔන්න එහෙනම්  ඔයාලගෙ තේ වෙලාවට ඉක්මනින් හා පහසුවෙන් හදා පුළුවන් රසම රස රුලං වැලිතලප ටිකක් මං ඔයාලට අරන් ආවා. එහෙනම් හදලා බලමු නේද 😍 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :
  • ☕ රුලං 400g ක් (මෙශරින් කප් 2 ක්)
  • ☕ පොල් කෝප්ප 1 ක් 
  • ☕ සීනි 400g ක්
  • ☕ වතුර කෝප්ප 1 ක් (සීනි උණුකර ගන්න)
  • ☕ කරඳමුංගු කුඩු ටිකක් 
  • ☕ ලුනු ස්වල්පයක් 
  • ☕ අවශ්‍ය නම් වැනිලා ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම පොල් ටික සිහින්ව ගා ගන්න.
  2. ♨️ දැන් පොල් වලට ලුනු ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  3. ♨️ පැතලි භාජනයක පොල් ටික අතුරා ඒ මත රුලං ටික දමා යාන්තමින් වතුර ටික ටික ඉසිමින් පිට්ටු ගොලගැටි (පිට්ටු කැට) කර ගන්න . ගොඩාක් වතුර දා ගෙන කැට ලොකු කර ගන්න එපා ඉතා සිහින්ව පිට්ටු කැට හදා ගන්න. අල්ලට රුලං මිශ්‍රණයෙන් ටිකක් ගෙන ගුලි කර බලන්න ඉහිරෙන්නෙ නැතුව තියෙනවා නම් වතුර ඇති.
  4. ♨️ දැන් හදාගත් පිට්ටු මිශ්‍රණය පිට්ටු බම්බුවක හෝ රෙදි කඩක් ගැට ගසා හෝ හුමාලයෙන් තම්බා ගන්න .මම පිට්ටු බම්බුවෙන් තම්බා ගත්තෙ.
  5. ♨️ තම්බා ගත් පිට්ටු නිවුනු පසු පොඩි කර ගන්න.
  6. ♨️ පසුව භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 4 ක් සහ වතුර මේස හැඳි 2 ක් එකතු කර රත් කර සීනි කැරමල් කර ගන්න.
  7. ♨️ සීනි කැරමල් වූ පසු එයට ඉතිරි වතුර සහ සීනි එකතු කර උණු කර ගන්න .එයට ලුනු ස්වල්පයක් එකතු කර ගන්න.
  8. ♨️ පැණි නූලක් ආකාරයට වැටෙන පදමට එනතුරු උණු කරන්න.
  9. ♨️ දැන් ගින්දර අඩුකර පිට්ටු සහ කරඳමුංගු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් හැඳි ගාන්න.
  10. ♨️ මිශ්‍රණය එක ගුලියකට ආපසු බටර් තවරා ගත් තැටියක දමා කෙසෙල් කොලයකින් වඩවා ගන්න.
  11. ♨️ තරමක් නිවුණු පසු කෑලි කපා ගන්න.😋😋

හෙළයේ රස මිහිර
රුලං වැලිතලප හදමු (Rulan Walithalapa) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment