Waradak Kalath Sithakin Nowe Song Lyrics - වරදක් කලත් සිතකින් නොවේ ගීතයේ පද පෙළ

Waradak Kalath Sithakin Nowe Song Lyrics - වරදක් කලත් සිතකින් නොවේ ගීතයේ පද පෙළ
Song Title : Waradak Kalath Sithakin Nowe (වරදක් කලත් සිතකින් නොවේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි


වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි //

ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ //
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ

වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි //

අසරණ ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ //
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ

වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333

0 comments:

Post a Comment