Oba Hamuwu Dine Song Lyrics - ඔබ හමු වූ දිනේ ගීතයේ පද පෙළ

Oba Hamuwu Dine Song Lyrics - ඔබ හමු වූ දිනේ ගීතයේ පද පෙළOba Hamuwu Dine Song Lyrics - ඔබ හමු වූ දිනේ ගීතයේ පද පෙළ
Song Title : Oba Hamuwu Dine (ඔබ හමු වූ දිනේ)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : ශාන් ද සිල්වා
ගී පද : ශාන් ද සිල්වා


ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ //

පාළුවෙ ගතවෙන හැම මොහොතක් පාසා
ඔබේ රුවයි මැවුනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන් වන්නෙ නෑ මා සදා

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ

සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
ඉන්න මා හදේ
සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
ළං වන්නකෝ දැන් ඉතින්

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment