Me Hitha Thaniyen Song Lyrics - මේ හිත තනියෙන් ගීතයේ පද පෙළ

Me Hitha Thaniyen Song Lyrics - මේ හිත තනියෙන් ගීතයේ පද පෙළ
Song Title : Me Hitha Thaniyen (මේ හිත තනියෙන්)
ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රඛිත වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ


මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත් - නුඹව තරම්
ආදරයෙන්... එදා ඉදන්...

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්

මේ...හිත තනියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment