Mage Wela Heena Gena Song Lyrics - මගේ වෙලා හීන ගෙනා ගීතයේ පද පෙළ

Mage Wela Heena Gena Song Lyrics - මගේ වෙලා හීන ගෙනා ගීතයේ පද පෙළ
Song Title : Mage Wela Heena Gena (මගේ වෙලා හීන ගෙනා)
ගායනය : අතුල අධිකාරී
පද : රචිතා වාකිෂ්ඨ
කනුව : තිළිණ රුහුණගේ


ආ.. අඅඅඅ අආ.....
මගේ වෙලා හීන ගෙනා
හිත නෑ ළඟ තියාගන්න
කඳුළු ගොඩක් දුක වැඩිවූ
ආදරේට ඔයා දුන්න

සංසාරේ අතරමගදි
මතක් වුනොත් මගේ වෙන්න
මේ පපුවේ හරි මැද්දෙන්
ඉඩ තියෙනව ඇවිත් ඉන්න
ඉඩ තියෙනව ඇවිත් ඉන්න

හිත අස්සට ගැලපෙන්නැති
මහමෙරකට හීන දීපු
රවටන්නැති ඔය හිත මං
පෙර භවයක හොඳයි කියපු
හිතාගන්න බැරි විදියට
මගක් ඇවිත් නතර වෙන්න
වෙන්වෙන බව දන්නව නම්
නෑවිදින්ම තිබුණා ඉන්න

කවදාවත් අපිව අපෙන්
වෙන්කරන්න බැහැයි කියපු
ඔයා ගියා හිතත් අරන්
මගේ ළඟින් අරන්තියපු
හිතාගන්න බැරි විදිහට
මගක් ඇවිත් නතරවෙන්න
වෙන් වෙන බව දන්නවානම්
නෑවිදින්ම තිබුණා ඉන්න

මගේ වෙලා හීන ගෙනා
හිත නෑ ළඟ තියාගන්න
කඳුළු ගොඩක් දුක වැඩිවූ
ආදරේට ඔයා දුන්න

සංසාරේ අතරමගදි
මතක් වුනොත් මගේ වෙන්න
මේ පපුවේ හරි මැද්දෙන්
ඉඩ තියෙනව ඇවිත් ඉන්න
ඉඩ තියෙනව ඇවිත් ඉන්න

ඉඩ තියෙනව ඇවිත් ඉන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment