කුරක්කන් හැලප හදමු (Kurakkan Halapa)

කුරක්කන් හැලප හදමු (Kurakkan Halapa) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☕ කුරක්කන් පිටි 250g ක්
  • ☕ පාන්පිටි / හාල්පිටි 100g ක්
  • ☕ පොල් කෝප්ප 2 ක්
  • ☕ සීනි කෝප්ප 1/3 ක් පමණ ( ඔයාලට අවශ්‍ය  රස අනුව  සීනි අඩු වැඩි කර ගන්න පුළුවන් )
  • ☕ වතුර කෝප්ප 1/4 ක්
  • ☕ අවශ්‍ය පමණ ලුනු
  • ☕ කරඳමුංගු කුඩු ටිකක්
  • ☕ වැනිලා තේ හැඳි 1/2 ක් පමණ
මේ ප්‍රමාණ පීරිසි කෝප්පයකින් හෝ මෙශරින් කප් එකකින් මැන ගන්න.

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම පැණිපොල් හදා ගන්න ඕනෙ. භාජනයක් ගෙන එයට සීනි මේස හැඳි 2 ක් දමා කැරමල් කර ගන්න.
  2. ♨️ සීනි  කැරමල් වූ පසු එයට වතුර කෝප්ප 1/4 ක්,  ඉතිරි සීනි සහ ලුනු ස්වල්පයක් එකතු කර පැණි පදමට උණු කර ගන්න.
  3. ♨️ උණු කර ගත් පැණි එකට ගාගත් පොල් ,කරඳමුංගු කුඩු සහ කැමති නම් වැනිලා ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කර තෙත සිඳෙන තුරු පොල් ටික මලවා ගන්න.
  4. ♨️ දැන් එය ලිපෙන් ඉවතට ගෙන පසෙකින් තබන්න.
  5. ♨️ වෙනත් භාජනයක් ගෙන එයට හලා ගත් කුරක්කන් පිටි සහ පාන්පිටි එකතු කරන්න .ලුනු කුඩු තේ හැඳි 1/2 ක් පමණ ද එකතු කර හොඳින් මිශ්‍ර කර මද උණුසුම් වතුර ටික ටික එකතු කරමින් රොටි පදමට අනා ගන්න.මද උණුසුම් වතුරෙන් අනා ගත්තම හොඳ සොෆ්ට් එකට පිටි එක තියෙනවා , තුනී කර ගන්න පහසුයි.
  6. ♨️ අනාගත් පිටි මිශ්‍රණය සමාන කොටස් වලට කඩා බෝල සාදා ගන්න.
  7. ♨️ දැන් කැන්ද කොලයක් ගෙන එහි මැදින් සාදා ගත් පිටි බෝලයක් තබා කැන්ද කොලයේ හැඩයට තුනී කර ගන්න.ගොඩාක් තුනියට ගන්න.
  8. ♨️ තුනීකර ගත් පිටි මිශ්‍රණය මැදට පැණි පොල් ටිකක් තබා කැන්ද කොලය පිටින් හරි මැදින් දෙකට නමා ගන්න.
  9. ♨️ මෙසේ සකසා ගත් හැලප හුමාලයෙන් තම්බා රස විඳින්න 😋

හෙළයේ රස මිහිර
කුරක්කන් හැලප හදමු (Kurakkan Halapa) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment