ඉතුරුම් බත් කිරියා හදමු (Kiriya)

ඉතුරුම් බත් කිරියා හදමු (Kiriya) - Your Choice Way

අද මම ඔයාලට ගෙනාවෙ ඉතුරුම් බත් වලින් කිරි.මේකත් ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් රසම රස කෑමක් 🤩 එහෙනම් අපි හදලා බලමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බත් කෝප්ප 3ක්
  • සීනි කෝප්ප 1ක්
  • මිටි කිරි අවශ්‍ය පමන
  • එනසල් කුඩු
  • ලුනු ස්වල්පයක් 
  • අවශ්‍ය නම් කජු, වියලි මිදි

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 මුලින්ම බත් වලට කිරි ටික ටික එක් කරමින් සිනිඳු පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරන්න .
  2. 🌸 පසුව පතුල ඝනකම භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 3ක් දමා කැරමල් කර ගන්න.
  3. 🌸 එයට ඉතිරි කිරි වලින් කෝප්පයක් පමන එකතු කර ඉතිරි සීනි ද එක් කරන්න .
  4. 🌸 ලිප නිවා සීනි දිය කර ගන්න .
  5. 🌸 දැන් බ්ලෙන්ඩ් කර ගත් බත් මිශ්‍රණය එකතු කරන්න .
  6. 🌸 අවශ්‍ය පමන මිටි කිරි සහ ලුනු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
  7. 🌸 මද ගින්නේ හැඳි ගාන්න .
  8. 🌸 මිශ්‍රණය ඝන වීගෙන එනවිට එනසල් කුඩු,කජු,මිදී එකතු කරන්න .
  9. 🌸 අඩු ගින්දරේ දිගටම හැඳි ගාන්න ,මිශ්‍රණය ගුලියක් ලෙස එකට එකතු වන විට ලිපෙන් ඉවතට ගෙන තෙල් තැවරූ තැටියක වඩවා ගන්න .
  10. 🌸 නිවුනු පසු කෑලි කපා ගන්න .

දැන් ඉතිං රස බලන්න පුළුවන් . 😍😍

හෙළයේ රස මිහිර
ඉතුරුම් බත් කිරියා හදමු (Kiriya) - Your Choice Way

ඉතුරුම් බත් කිරියා හදමු (Kiriya) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment