Dewatha Eli Se Song Lyrics - දේවතා එළි සේ ගීතයේ පද පෙළ

Dewatha Eli Se Song Lyrics - දේවතා එළි සේ ගීතයේ පද පෙළ
Song Title : Dewatha Eli Se (දේවතා එළි සේ)
ගායනය : අතුල අධිකාරි
පද : කැළුම් ශ්‍රීමාල්
තනුව : මහින්ද බණ්ඩාර


දේවතා එළි සේ
ලස්සණ ඇස් දිලිසේ
හඳපාන සේ නිවනක් මවනා
කිරිගරුඬ දේහිනියේ

සෞම්‍ය වූ රාත්‍රියේ
හිස්වුණු මගෙ මනසේ
සියුම් ස්වරයෙන් සෙමින් පිපෙනා
ස්වේත ඉන්දීවරියේ

දෑසින්
ඔය දෑසින්
හොරැහින් බලන්නෙ බලාගෙනයි අහුවේවී

දෝතින්
ඔය දෝතින්
හිස පිරිමදින්න පපුවට දැනෙන්න
ආදරේ පිරේවී

පාවෙන යෞවනයේ
උපරිමයේ තෙරපී
මනමාල කම් ඉඟියෙන් මවනා
ශෘංගාරවාහිනියේ

දේවතා එළි සේ
ලස්සණ ඇස් දිලිසේ
හඳපාන සේ නිවනක් මවනා
ස්වේත ඉන්දීවරියේ

සුදු වලා නූලෙන් නිම කළ
තුරුණු බුමුතුරුණේ
හුදකලා සුසුම් විසිරුණු
පාළු රජදහනේ

හදපුරා හීන අතුරපු
රස මැවුම්කාරියේ
කල්පනා ලොව අවුල් කළා ඔබ
පංච කල්‍යාණියේ

දෑසින්
ඔය දෑසින්
හොරැහින් බලන්නෙ බලාගෙනයි අහුවේවී

දෝතින්
ඔය දෝතින්
හිස පිරිමදින්න පපුවට දැනෙන්න
ආදරේ පිරේවී

දේවතා එළි සේ
ලස්සණ ඇස් දිලිසේ
හඳපාන සේ නිවනක් මවනා
කිරිගරුඬ දේහිනියේ

සෞම්‍ය වූ රාත්‍රියේ
හිස්වුණු මගෙ මනසේ
සියුම් ස්වරයෙන් සෙමින් පිපෙනා
ස්වේත ඉන්දීවරියේ

දෑසින්
ඔය දෑසින්
හොරැහින් බලන්නෙ බලාගෙනයි අහුවේවී

දෝතින්
ඔය දෝතින්
හිස පිරිමදින්න පපුවට දැනෙන්න
ආදරේ පිරේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment