Dedunnen Ena Samanalune Song Lyrics - දේදුන්නෙන් එන සමනලුනේ ගීතයේ පද පෙළ

Dedunnen Ena Samanalune Song Lyrics - දේදුන්නෙන් එන සමනලුනේ ගීතයේ පද පෙළ

Dedunnen Ena Samanalune Song Lyrics - දේදුන්නෙන් එන සමනලුනේ ගීතයේ පද පෙළ
Song Title : Dedunnen Ena Samanalune (දේදුන්නෙන් එන සමනලුනේ)
ගායනය : ලතා වල්පොල, සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
"වසන්තයේ දවසක් (1979)" චිත්‍රපටයේ ගීතයක්


දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ..

ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුණා වන මල් තොරණේ

අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ

දේදුන්නෙන් එන සමනලුනේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment