Lassana Nam Na Penenne Song Lyrics - ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ

Lassana Nam Na Penenne Song Lyrics - ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Nam Na Penenne (ලස්සන නම් නෑ පෙනෙන්නේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු ප්‍රිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සතුටකී

උකුල් තලා සලා නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල්
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු ප්‍රිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සතුටකී

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු ප්‍රිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සතුටකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment