Aradhana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ

Aradhana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ
Song Title : Aradhana Sansaraye (ආරාධනා සංසාරයේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ නීලා චිත්‍රපටියේ ගීයකි.
1972 දී තිරගත වූ "Velli Vizha" ද්‍රවිඪ චිත්‍රපටියට එල්.ආර්. ඊශ්වරී ගැයූ "Kaadhodu  Dhaan Naan Paaduvaen" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

නොදැනීම වැරදීම සිදුවී තිබේ
අද කියමී සමාවන්න තුරුළේ රැඳී
හිංසා කරන්නේ නැතේ මා යළී //
දැන් දිවුරා කියන්නම් නීලා මගේ

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

දෙන්නාගෙ එක්වීම අද මේ වගේ
උඩ දෙවියන්ගෙ පැතුමක් සෙ ඉටුවී තිබේ
ඔබගේ සුපෙම්වන්ත මුහුණේ නැගී //
ප්‍රිය හසරැල්ල අනුරාග රසයෙන් පිරී

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

හැමදාම ඔබ මාගෙ නීලා කියා
අද සැනසෙන්න හැම දේම සිදුවී ගියා
පණ සේම නොවෙනස්ව සිටිමී කියා //
යමි නළවන්න ඔබ මාගෙ තුරුළේ තියා

හ්ම් ම් හ්ම්ම්.. හ්ම් ම් හ්ම්ම්..
හ්ම් ම් හ්ම්ම්.. හ්ම් ම් හ්ම්ම්..
හ්ම් ම් හ්ම්ම්... හ්ම් ම් හ්ම්ම්...
හ්ම් ම් හ්ම්ම්... හ්ම් ම් හ්ම්ම්...

ආරාධනා සංසාරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment