Aradhana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ

Aradhana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ
Song Title : Aradhana Sansaraye (ආරාධනා සංසාරයේ)
ගායනය : ලතා වල්පොල
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ නීලා චිත්‍රපටියේ ගීයකි.
1972 දී තිරගත වූ "Velli Vizha" ද්‍රවිඪ චිත්‍රපටියට එල්.ආර්. ඊශ්වරී ගැයූ "Kaadhodu  Dhaan Naan Paaduvaen" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

අනුරාග නයනීය හද මාලිගේ
ඔබ ශෘංගාර පෙම් දීපෙ දැල්වී තිබේ
පූජා බිමේ සීන දේවාලයේ //
අප පෙම් සීනු රාවේ පැතිරී ගියේ

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

ගිම්හාන පෙම් යෝග පවනේ සැලී
ඇත මල් රේණු මකරන්ද සිරුරේ එතී
ඔබගේ සුසුම් රැල්ල සුවඳින් පිරී //
යයි අනුරාගි හද මාගෙ චලනේ දිදී

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

ඔබ මාගෙ නළලේහි තිලකේ වැනී
දැන් ඔබ පාදපරිචාරිකා මම වෙමී
කිසිදාක නොම වින්ද සුවයක් දැනී //
මගෙ මුළු ජීවිතේ මිහිරි ගීයක් මෙනී

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment