Widuli Mini Pahan Dawi Song Lyrics - විදුලි මිණි පහන් දැවී ගීතයේ පද පෙළ

Widuli Mini Pahan Dawi Song Lyrics - විදුලි මිණි පහන් දැවී ගීතයේ පද පෙළ
Song Title : Widuli Mini Pahan Dawi (විදුලි මිණි පහන් දැවී)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


හෝ හෝ ..
හෝ හෝ ..
හෝ.. හෝ.. හෝ ...
හෝහෝහෝ .. හෝ ..
හෝ.. හෝ.. හෝ ...

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ //

හෝ හෝ ..
හෝ හෝ ..
හෝ.. හෝ.. හෝ ...
හෝහෝහෝ .. හෝ ..
හෝ.. හෝ.. හෝ ...

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ //

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා

හෝ හෝ ..
හෝ හෝ ..
හෝ.. හෝ.. හෝ ...
හෝහෝහෝ .. හෝ ..
හෝ.. හෝ.. හෝ ...

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා //

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

හෝ හෝ ..
හෝ හෝ ..
හෝ.. හෝ.. හෝ ...
හෝහෝහෝ .. හෝ ..
හෝ.. හෝ.. හෝ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment