Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ

Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ
Song Title : Abhisarikawange (අභිසාරිකාවන්ගේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ


අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment