Sudu Nanda Ayi Song Lyrics - සුදු නැන්දා ඇයි ගීතයේ පද පෙළ

Sudu Nanda Ayi Song Lyrics - සුදු නැන්දා ඇයි ගීතයේ පද පෙළ
Song Title : Sudu Nanda Ayi (සුදු නැන්දා ඇයි)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
හීන් නඟේ නුඹ නෑ දන්නේ

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ
හීන් හඩට ඉකිබිදුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ //

තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා
ගලේ විහාරෙත් ගොළු වීලා

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ
හීන් හඩට ඉකිබිදුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment