Sisila Hamanne Song Lyrics - සිසිල හමන්නේ ගීතයේ පද පෙළ

Sisila Hamanne Song Lyrics - සිසිල හමන්නේ ගීතයේ පද පෙළ

Song Title : Sisila Hamanne (සිසිල හමන්නේ)
ගායනය : ලතා වල්පොල, ජමුනා රාණි සහ කේ රාණි
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : රාජන් සහ නාගේන්ද්‍ර
1960 දී තිරගතවූ "වීර විජය" (විජයපුරි වීරන් නම් දෙමළ චිත්‍රපටි කතාවයි) චිත්‍රපටියේ ගීයකි.
ගී තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගැනීමකි.


ඕ ඕ ඕ ..... ඕ ඕ ඕ .....
ඔහොහ් හොහෝ... ලලල් ලලා
හා හා හා .... හා හා හා ....
හහහ් හහා .... ලලල් ලලා
ඕ හෝ හෝ ...  ලලල් ලලා
ආ හා හා .... ලලල් ලලා
ලල් ලල් ලල් ලා....

සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ

සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ

නිලෙන් නිලට කඳු අතරින් අහස් වලා නැඟෙන්නේ
නිලෙන් නිලට කඳු අතරින් අහස් වලා නැඟෙන්නේ
සුවඳ කුසුම් මඬින පවන් වැදී හදේ සිනා ඒ
සුවඳ කුසුම් මඬින පවන් වැදී හදේ සිනා ඒ
සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ

හෝ ඔ ඕඔ ඕඔ ඕඔ
හෝ ඕ ඕ ඕඔඕ..
මහද තුළින් බමර හඬින් මංගලම් කියා ඇසේ
සුබ මංගලම් කියා ඇසේ
පවසින් සොයයි මධූ රසේ

කෝකිල දෙනක් එවැනි දෙයක් ගායනා කරයි
කෝකිලයා සවන් වැකී
පියඹා ඈ සොයා යතී

මල් පොකුණේ පස් පියුමන් පිපීල හොඳ ලස්සනයි
පිපීල හරිම ලස්සනයි
බලන්න හරිම ලස්සනයි
ඒ අතරේ හංස කැලක් පෙළ ගැසී යතී
හංසයො පෙළ ගැසී යතී
මල් නොතලා එ උන් යතී

හෝ ඔඔඔඔ ඕ ඔඔ ඕ....

කුරුලු රංචු එක එකා
මවන ප්‍රේම ජවනිකා
නන්දන වේ රංජන වේ ප්‍රියංකරයි දර්ශනේ 

කුරුලු රංචු එක එකා
මවන ප්‍රේම ජවනිකා
නන්දන වේ රංජන වේ ප්‍රියංකරයි දර්ශනේ 

සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ

හෝ ඔඕ ඔ.. හෝ ඔඕ ඔ..
හෝ ඕ ඕ ඕඔඕ.....

නව රසයක ඉව වැටිලා හද කිති කැවෙතී
මෙදා ලැබෙයි ඒ රසේ
සදා සැපේනී මෙසේ

සිරුර පොළා තෙපුල් සලා රහස වැසීලා හැඟේ
රහස වැසීලා හැඟේ
ලිය සර සිරි ඒ නැඟේ

මගෙ ගරු සිත නිහඬ කරන උපා නොදනිමී
උපාය අවබෝධ වේ
ඉදිරියෙ එන අවදියේ

කෙදිනක හෝ ශාන්ති සැදේ ඒ බව මං අදහමී
ඉවසනු කුමරිය දයා
සැනසුම එයි ඔබ සොයා

ඕඔ ඕඔ ඕඔ ඕ...

රන්තරු හා මැදි වෙලා
නිල්මිණි තරුවක් වෙලා
පුන් සඳ රැස් සිඹින සිතක්
ආව අගෙයි නේද ඒ

රන්තරු හා මැදි වෙලා
නිල්මිණි තරුවක් වෙලා
පුන් සඳ රැස් සිඹින සිතක්
ආව අගෙයි නේද ඒ

සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ
නිලෙන් නිලට කඳු අතරින් අහස් වලා නැඟෙන්නේ
සුවඳ කුසුම් මඬින පවන් වැදී හදේ සිනා ඒ
සිසිල හමන්නේ
සිත් සැනසෙන්නේ

සිසිල හමන්නේ
ආ හා හා ආ...
සිත් සැනසෙන්නේ
ඕ ඕ හෝ ඕ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sisila Hamanne Song Lyrics - සිසිල හමන්නේ ගීතයේ පද පෙළ Sisila Hamanne Song Lyrics - සිසිල හමන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2022 Rating: 5

0 comments:

Post a Comment