Siripade Wandawanna Song Lyrics - සිරීපාදෙ වන්දවන්න ගීතයේ පද පෙළ

Siripade Wandawanna Song Lyrics - සිරීපාදෙ වන්දවන්න ගීතයේ පද පෙළ
Song Title : Siripade Wandawanna (සිරීපාදෙ වන්දවන්න)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ගුණදාස කපුගේ


සිරීපාදෙ වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අළුත් සාල් පුදලා
සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරීපාදෙ වන්ද වන්න හිස ඔලියල් බැඳලා
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අලුත් සාල් පුදලා
සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ගැහැණු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුලු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරීපාදෙ වන්ද වන්න හිස ඔලියල් බැඳලා
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අලුත් සාල් පුදලා
සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment