Nethu Piyan Piya Song Lyrics - නෙතු පියන් පියා ගීතයේ පද පෙළ

Nethu Piyan Piya Song Lyrics - නෙතු පියන් පියා ගීතයේ පද පෙළ
Song Title : Nethu Piyan Piya (නෙතු පියන් පියා)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

කැට මුගුරු වැදී කටු සඟල බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුදු පාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

ඉරිසියා හිතී
බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණ ලා පියාඹපන්
සුදු පාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා
මුතු දසන් වසා
සිහිනයෙන් වඩී
මා ළඟින් ඉදී
මව්පියන් බලා නොඉඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment