දවසේ වැදගත්කම - මැයි මාසයේ දෙවෙනි ඉරිදා ලෝක මව්වරුන්ගේ දිනය (Significance Of The Day - Second Sunday of May World Mother's Day)

දවසේ වැදගත්කම - මැයි මාසයේ දෙවෙනි ඉරිදා ලෝක මව්වරුන්ගේ දිනය (Significance Of The Day - Second Sunday of May World Mother's Day) - Your Choice Way
මැයි මාසයේ දෙවන ඉරිදාව මව්වරුන්ගේ දිනය ලෙස ලොව සමරනවා. එය 1914 වසරේ සිට ඇරඹුනු බව ඉතිහාසයේ සඳහන්.

මව්වරුන්ගේ දිනය සැමරුම පුරාණ ග්‍රීක හා රෝම යුගය දක්වා දිව යයි. එහිදී එම සැමරුම මව්වරුන් නිරූපණය කරන ලද දේවතාවන්ට වන්දනාමාන කිරීම තුළින් සමරා ඇත. රියා දේවතාවිය හෝ සයිබෙල් දේවතාවිය රෝම මව් දේවතාවිය ලෙස පුදා ඇත. කාලය ගෙවී යත්ම, මෙම සැමරුම ලෝකයේ සෑම තැනකම පාහේ විවිධ කාලවලදී සමරනු ලැබූ අනුස්මරණ දිනයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගෙන ඇත.

එංගලන්තයේ දහහත්වන සියවසේදී මව්වරුන්ගේ දිනය ලෙස ස්ථාපිත කරන ලද දිනයේදී සේවකයින් සහ සේවිකාවන් තම මව්වරුන් බැලීමට යාමේ අරමුණින් එදින නිවාඩු ලබා ගැනීමට පටන් ගත්හ. පසුව, එක්සත් ජනපදයේ, ඇනා මරියා ජාවිස් 1858 දී වැඩ කරන මව්වරුන් වෙනුවෙන් උද්ෂඝෝෂනයන් කළ අතර ජනතාව වෙත මව්වරුන් පිළිබඳ වැදගත් පණිවිඩයන් සම්ප්‍රේෂණය කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස 1914 දී ජනාධිපති වුඩ්‍රෝ විල්සන් විසින් එක්සත් ජනපදයේ මවුවරුගේ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මේ වන විට ලොව බොහෝමයක් රටවල් මෙම දිනය මවුවරුන්ගේ දිනය වශයෙන් සමරයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment