Pathum Maligawe Song Lyrics - පැතුම් මාලිගාවේ ගීතයේ පද පෙළ

Pathum Maligawe Song Lyrics - පැතුම් මාලිගාවේ ගීතයේ පද පෙළ
Song Title : Pathum Maligawe (පැතුම් මාලිගාවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : උපාලි ධනවලවිතාන
සංගීතය : ටී. එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.


ම්හ්ම් ම් ම්ම්... ම්...
ම්හ්ම් ම්... ම්...

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී

තුරුළ් වී බැඳීලා පුංචි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේ ද වේ
සුසුම් සාගරේදී රුවල් ඔරු බිඳී
අනාතේ ඇදේ

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
දයාබර කුමාරී

බෙදී තරු දැවීලා
සීතල නොදේවී සඳේ රැස් පවා //
ආසිරි පතා මා ඔබෙන් සමුගමී
සදා වෙන්වෙමී

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment